Chairman’s Message

සභාපති හා පාලකතුමන්ගේ පණිවිඩය.

පුද්ගලයෙකු මහළු වියට පත් වීමත් සමගම ශරීරය දුර්වල වනවා මෙන්ම ඔවුන්ගේ මනසත් නොසිතූ විරූ ලෙස වෙනස් වන්නට පටන් ගනී. එය සාපේක්ෂව වූවත් බහුතරයකට සිදු වන්නා වූ දෙයක්. මේ ලියන මා හටත් කියවන ඔබ හටත් මහළු වියේදී එය කොතෙක් දුරට බලපාවිද යන්න කිව නොහැක්කකි. කෙසේ හෝ ඉහත කී වෙනස්කම් සමග මහළු වී රෝගාතුර වන කාලය වන විට නිවසක දූ දරුවන් සමග සිටීමේදී විවිධ ගැටළු ඇතිවේ.

වත්මන් ආර්ථික හා අධ්‍යාපන තත්වයන් හමුවේ නිවසක දූ දරුවන් මුණුබුරන් හට වැඩිහිටියන් සමග මුහු වීමට කාලයක් නිදහසක් ඉතුරු වන්නේ නැත. එය විසදුම් සෙවිය නොහැකි ගැටලුවකි. මන්දයත් පවුලක් නඩත්තු කිරීමට නම් අඹු සැමි දෙපලම මුදල් ඉපයිය යුතුව ඇත. එලෙසම අධ්‍යාපන මට්ටමින් ඉහළට යාමට දරුවන් හට පාසල් කාලයෙන් පසු අමතර පන්ති හා අමතර අධ්‍යාපන කටයුතු වල නිරත විය යුතුව ඇත.

තවද වත්මන් පරපුරේ ආකල්ප සමග මහළු වියේ ආකල්ප හා අදහස් නොගැලපීම නිසාත් විවිධ ගැටළු ඇතිවිය හැකිය.

ඉහත කී ගැටළුකාරී තත්වයන් නිසා මුදල් තිබුනත් නැතත් වැඩිහිටියන් හට මහළු වියෙදී ඔවුන්ගේ ශාරීරික හා මානසික සුවය නිසි අයුරින් පවත්වා ගැනීම අසීරුවනවා. දූ දරුවන් නොමැති වැඩිහිටියන්ද මහළු වියේදී අන්ත අසරණ තත්වයකට පත්වන අතර මූල්‍ය හැකියාව තිබුණත් ස්වකීය කටයුතු කර ගැනීමට තව කෙනෙකුගේ පිහිට පැතීමට සිදුවෙයි.

කෙසේ හෝ අවසානයේ කුමන තරාතිරමක කෙතරම් නෑදෑ දූ දරුවන් මුණුබුරන් සිටියත් ජීවිතයේ සදෑසමයේදී ඔවුන්ට ගැලපෙන පරිසරයක වට පිටාවක අවශ්‍යතාව ඔවුන්ට ඇතිවනවා. එසේ ශාරීරික සහ මානසික සුවය ලබා දෙන, රෝගාබාධ සහිත හා රහිත වැඩිහිටියන් හට ගැලපෙන වටපිටාවක් සහිත වැඩිහිටි නිකේතන වල අවශ්‍යතාව මේ වන විට සමාජගතව තිබේ.

විදෙස් රට වල මහළු වූ පසු ඔවුන්ගේ වගකීම් සම්පුර්ණයෙන් ගෙන ඔවුන් රැකබලා ගැනීමට එම රජයන් විසින්ම ක්‍රියාමාර්ග ගෙන තිබෙන නමුත් ශ්‍රී ලංකාව තුළ මුදලක් ගෙවා හෝ වැඩිහිටියන්ට සුදුසු ස්ථානයක් සොයා ගැනීම අසීරු කටයුත්තක්ව පවතී.

කෙසේ හෝ දැනටමත් සමාජ අවශ්‍යතාවක් වී තිබෙන මෙම ගැටලුව සඳහා නිවරැදි, වගකීමක් සහිත විනිවිද භාවයකින් යුතුව විසඳුමක් සෙවීමටගත් උත්සහයක් ලෙස ගුරුගේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානය බිහිවූ බව සඳහන්කළ හැකිය. වැඩිහිටියන්ට සැලකීම හා ගිලානොපස්ථානය වැන් කටයුතු කාරුණිකව සිදුකිරීම අධ්‍යාත්මික සුවයට හේතුවකි.

2018 වසරේ තාක්‍ෂණවේදය විෂය ධාරාව ඔස්සේ සබරගමුව සරසවියට ඇතුලත් වූ අතර, 2020 දී මා විසින් ගුරුගේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානය ආරම්භ කරන ලදී. මේ වනවිට සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට ගැලපෙන පරිදි ශාඛා හතරක් දක්වා මෙම වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානය සංවර්ධනයකිරීම සතුටකි.

ගුරුගේ සමිත දයාල් ප්‍රනාන්දු
ප්‍රධාන පාලක
ගුරුගේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානය

A Message of Chairman

As a person gets older, their body becomes weaker and their mind begins to change unexpectedly. It is relative but something that happens to the majority. It is unknown at this time what he will do after leaving the ducument. However, with the above changes, there are various problems when staying at home with children during old age and illness.

Given the current economic and educational situation, children and grandchildren at home do not have the freedom to interact with adults. It is a problem that cannot be solved. Because to maintain a family, both spouses have to earn money. Similarly, in order to rise in the level of education, children have to take extra classes and extra education after school hours.

And the mismatch between the attitudes and ideas of old age with the attitudes of the present generation can lead to various problems.

The above problems make it difficult for adults to maintain their physical and mental health in old age, whether they have money or not. Adults who do not have children also become extremely helpless in old age and have to seek the help of someone else to take care of themselves despite their financial ability.

In the end, no matter what the status of the children or grandchildren, they need an environment that suits them throughout life. There is a growing need for community-based adult care facilities that provide physical and mental well-being, disease-free and disease-free adult-friendly environments.

The same governments have taken steps to take full care of the elderly in foreign countries, but it is still difficult to find a suitable place for the elderly in Sri Lanka.

However, it can be said that Guruge Elders Care Center was established as an attempt to find a correct, responsible and transparent solution to this problem which has already become a social need. Treating the elderly and kindly doing things like sickness is a cause of spiritual healing.

I entered Sabaragamuwa University in the Technology syllabus in 2018 and in 2020 I started Guruge Elders Care Center. At present, it is a pleasure to develop this Elders Care Center up to four branches in line with the health guidelines.

Mr. Guruge Samitha Dayal Fernando
Chairman / Chief Controller
Guruge Elders’ Care.